Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම අද දිවයිනට

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විදේශ හමුදා හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාර සඳහා සහභාගි කිරීමේ වැඩපිළිවෙල යටතේ අද (04) දින පස්වරුවේ 20 දෙනෙකුගෙන් සමන්විත පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට ළගාවිය.

ඔවුන් 2016 දෙසැම්බර් මස 04 සිට 2016 දෙසැම්බර් මස 11 දින දක්වා සතියක කාලයක් දිවයිනේ රැඳි සිටින අතර, සංචාරය අතරතුර සහභාගී වන තරඟ කාලසටහන පහත සඳහන් පරිදි වේ.

අ. 2016 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර කොළඹ රිඩ් මාවතේ කෘතිම හොකි ක්‍රීඩාංගනයේ දී.

ආ. 2016 දෙසැම්බර් මස 07 වන දින වෙළඳ සේවා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර කොළඹ රිඩ් මාවතේ කෘතිම හොකි ක්‍රීඩාංගනයේ දී.

ඇ. 2016 දෙසැම්බර් මස 09 වන දින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී.

ඈ. 2016 දෙසැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර අවසන් තරඟය කොළඹ රිඩ් මාවතේ කෘතිම හොකි ක්‍රීඩාංගනයේ දී.

මෙම පිරිස පිළිගැනීම සඳහා යුද හමුදා හොකී කමිටුවේ සභාපති වෙනුවෙන් එහි උපසභාපති ලුතිතන් කර්නල් නලින් බණ්ඩාරනායක සහ ලුතිතන් කර්නල් ලක්රුවන් පතිරණ ද ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම අද දිවයිනට

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම පෙරමුණේ

වෙළද සේවා කණ්ඩායම සහ පකිස්තාන් යුද හමුදා කණ්ඩායම අතර තරඟය කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී

සංචාරක පකිස්තානු හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තරඟයෙන් පකිස්තානයට ජය

Running Sneakers | adidas NMD Human Race