11th July 2025
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් සෙල්ල කතරගම ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 10 දින එම නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
‘වෙල්ලස්ස ටීවී සොඳුරු නිවස’ නිවාස ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් වෙල්ලස්ස මානුෂීය සමාජ සුභසාධන පදනමේ අනුග්‍රාහකත්වය සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.