ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සඳහිරු සෑයේ නිරීක්ෂණය චාරිකාවක
2nd September 2024
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් 2024 අගෝස්තු මස 31 දින "සඳහිරු සෑය" නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දැනට සිදුකරන ඉදිකිරීම් ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය. එසේම ඉදිරි කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ආරක්‍ෂක ලේකම් තුමන් ලබාදුන් අතර, දැනට මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ඩී.පී. වෙලගෙදර ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී අයිජී ඇතුළු සඳහිරු සෑය ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.