යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2024 පවත්වයි

30th August 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2024, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු මස 27 දින සිට 29 දක්වා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් යුද්ධ කණ්ඩායම් 11 කින් ක්‍රීඩකයින් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.

පිරිමි සහ කාන්තා අංශයන්හි ජය ශ්‍රී ලංකා සංඥා බලකායට හිමිවිය. පිරිමි අංශයේ අනුශූරතාව ගජබා රෙජිමේන්තුවට හිමි වූ අතර කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා කණ්ඩායමට හිමිවිය.

පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ යූ.එන්.රණසිංහ ද, සංඥා සෙබළ (කාන්තා) කේ.එච්. පිටිගල කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.