ශ්‍රී ලංකා භට පිරිස් විසින් ලෙබනනයේදී ඉන්දුනීසියානු හමුදා භට පිරිස් සඳහා වැඩමුළුවක් පවත්වයි

2nd September 2024

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉන්දුනීසියානු සාම සාධක භටපිරිස් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.

ඉන්දුනීසියානු බලඇණියේ අණදෙන නිලධාරීගේ ඉල්ලීම මත ආරම්භ කරන ලද මෙම වැඩමුළුවේ දී වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්‍ෂාව වැඩිකිරීම සහ ආරක්‍ෂක ප්‍රථිපත්තීන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම වැඩමුළුව නිර්මාණය කර තිබීණි.

එල්ල වන තර්ජන ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණතා වලින් ඉන්දුනීසියානු භට පිරිස් සන්නද්ධ කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම විසින් ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ අත්දැකීම් ලබා දෙන ලදී.