ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි
6th March 2023
ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සෙනසුරාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුගත් රත්නායක සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කසුන් අදිකාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ සංඥා බලකායේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වූ එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනමන ලදී. එම අවස්ථාව සිහිවනු වස් මේජර් ජෙනරල් සුගත් රත්නායක එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
මේජර් ජෙනරල් සුගත් රත්නායක බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව බලකාධිපති ලෙස රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයන් අමතා සිය ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කළ අතර, එම අවස්ථාවට සංඥා බලකායේ සියලුම ඒකකයන්ගේ නිලධාරීන් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයකින් සහ දිවා භෝජන සංග්‍රහයකින් පසුව උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.