ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
17th February 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය සිකුරාදා (පෙබරවාරි 10) දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර නාවික විධානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි වෙත එම මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-pass) ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අතර පැවති සුහද හමුවේදී නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය සහ ඒ ආශ්‍රිත තවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගැණිනි. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයන්හි රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර ප්‍රථම නිල හමුව වශයෙන් මෙම සුහද හමුව සිදුකෙරිණි.
මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා නාවික හමුදා අක්වෙරළ නිරීක්‍ෂණ මුර යාත්‍රාවේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.