උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නිල සංචාරයක

4th March 2023

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පසුගිය බ්‍රහස්පතින්දා (02) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර හමුවූයේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව එතුමන් එම බල ප්‍රදේශයේ ඒකක අණදෙන නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමඟින් ප්‍රදේශයේ පවතින ආරක්‍ෂක ගැටළු, නීතිය හා සාමය රැකීම , ප්‍රජා සත්කාරක වැඩසටහන්, ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති සහ සිවිල් ගැටලු ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කඳවුරු පරිශ්‍රය වෙතින් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය.