වව්නියාව පූවරසන්කුලම් මහා විද්‍යාලයේ කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක්

4th July 2024

පූවරසන්කුලම් මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

පාසල් සිසු සිසුවියන්ගේ වර්ණවත් සංස්කෘතික සංදර්ශන වලින් සමන්විත වූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාවට 562 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් ද සහභාගී වූහ.