ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය‍

19th July 2024

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 12 දින එම සේනාංක මූලස්ථානයේ පැවැත්විනි.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති තුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එතුමන් සියලු නිලයන් අමතමින් එතුමන් ගේ ධූර කාලය තුල දී ලබා දුන් නොමසුරු දායකත්වය සහ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකින් දවසේ වැඩ කටයුතු අවසන් විය.