56 පාබල සේනාංක වොලිබෝල් තරඟාවලියේ ජය 7 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට
4th July 2024
56 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුලි මස 02 දින 56 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
එම තරඟාවලියේ, අවසන් මහා තරඟයේදී 7 සහ 16 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයන් තරඟවැදුණු අතර, තියුණු තරගයකින් අනතුරුව තරඟාවලියේ ජයග්‍රහණය දිනාගැනීමට 7 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි වූ අතර, තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.