12 පාබල සේනාංකයේ සේනාංකාධිපති 121 පාබල බලසේනාවේ සහ එහි ඒකකයන් හි නිල සංචාරයක නිරත විය
28th July 2024
12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව් .ඩබ්ලිව් .එම් .ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 121 පාබල බලසේනාව, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 ගැමුණු හේවා බලකායේ 2024 ජූලි මස 24 දින නිල සංචාරයක නිරත විය.
පාබල බලසේනාව සහ ඒකකයන් වෙත සපැමිණි සේනාංකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, පාබල බලසේනාව සහ අදාළ එ්කකයන්හි අණදෙන නිලධාරීන් විසින් එම මූලස්ථානයන්හි කාර්යභාරයන් සබැඳිව සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලදී.
සේනාංකාධිපතිතුමන් භට පිරිස් අමතමින් කතරගම ඇසළ පෙරහැරේදී ඉටු කළ කාර්යභාරයන් පිළිබදව එතුමන් සිය ප්‍රසාදය පළ කළේය. ජාතික ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාවේ දායකත්වයේ වැදගත්කම, සියලු නිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගැනීම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වීමේ අවශ්‍යතාව එතුමන් අවධාරණය කළේය.