නිවාඩු නොලබා සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
19th October 2017
ආරක්ෂක අමාත්‍ය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද්ධ හමුදා වීනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.ජි.ඩී. සිරිසේන, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලෙස්ලි විජේසුන්දර, නිතිසේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ, අතිරේක හමුදා ලේකම් බ්‍රිගේඩියර් ශාන්ත ඊස්වරන් සහභාගි වු බ්‍රහස්පතින්දා (19) දින පැවැති පුවත්පත් සාකච්ඡාවකදි මේ බැව් දැනුම් දී ඇත.
යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමීව මෙම පොදු සමා කාලය ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වනු ඇත. නිවාඩු නොලබා සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට අදාල රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපෝර්තු කර ඔවුන්ගේ නිත්‍යානුකූල අස්වයාම් ලබා ගත හැකි වේ.
එසේ වුවද, යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිවාඩු නොලබා සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම පොදු සමාව වලංගු නොවේ.
මේ අතර, යුද්ධ හමුදාවට නිලධාරින් සහ සෙසු නිලයින් බඳවා ගැනීම ද දැන් සිදුකරමින් පවතින බැව් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා පැවසීය.
|