ශ්‍රී ලංකා සංඥා බලකාය බලකා දිනය අභිමානවත්ව සමරයි
20th October 2017
ශ්‍රී ලංකා සංඥා බලකාය, බ්‍රහස්පතින්දා (19) දින සිය 74 වන සංවත්සරය සැමරු අතර, ඒ වෙනුවෙන් පනාගොඩ පිහිටි එම බලකා මුලස්ථානයේ දී මියගිය රණවිරුවන් සිහිකිරිම ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහභාගි වුු අතර, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසු නිලයින්, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ශ්‍රී ලංකා සංඥා බලකායේ මියගිය රණවිරුවන්ගේ පවුල් 190 ක පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ පිළිගැනීම ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අසෝක් පීරිස් විසින් සිදු කෙරිනි.
රණවිරු ස්මාරකය අභියස දී විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය සියලුම රණවිරුවන් සිහිපත් කරමින් එදින වැඩසටහන ආරම්භ කළ අතර, සියලු ආගම්වල ආගමික නායකයින් විසින් ආගමික වතාවත් ද සිදු කළහ. අනතුරුව සංඥා බලකා කර්නල් සේනාවිධායක ද, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් ද රණවිරු ස්මාරකය පාමුල මල් කළඹක් තැන්පත් කර එම විරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වන ලදී.
හිරු නැගෙන මොහොතේදිත් හිරු බැසයන මොහොතේදිත් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬත් සමඟින් රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු අවසන් විය.
එදිනම (16) ශ්‍රී ලංකා සංඥා බලකායට ආශිර්වාද පතා පිරිත් සඡ්ඡායනාවක් පැවති අතර, ඊට පසු දින මහසඟරුවන වෙත හීල් දානය සහ දහවල් දානය ද පිරිනමනු ලැබීය.
ශ්‍රී ලංකා සංඥා බලකා කර්නල් සේනාවිධායක වෙත බ්‍රහස්පතින්දා (19) දින හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.
එදින දහවල් කර්නල් සේනාවිධායකගේ මුලිකත්වයෙන් පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයත් සමගින් ශ්‍රී ලංකා සංඥා බලකා සංවත්සර වැඩසටහන නිමා විය.
1943 ඔක්තෝබර් මස 19 දින ලුතිනන් කර්නල් ඩී.වී. බ්‍රොහියර් (විශ්‍රාමික) ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංඥා බලකාය ආරම්භ කෙරිණි.
|