ඉරණපලෙයි විද්‍යාලයේ ආරක්ෂක තාප්පය යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර භාරදෙයි

16th October 2017

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉරණපලෙයි රෝමානු කතෝලික විද්‍යාලයේ ආරක්ෂක තාප්පය ඉදිකර 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව සඳුදා (09) දින පාසල් කාර්ය මණ්ඩලය සහ පාසල් සිසුන් වෙත භාරදෙන ලදි.

ළමුන් සියගණනක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලීමකට අනුව 68 වන සේනාංකය භට පිරිස්හි සහයෝගයෙන් දිග අඩි 300 ක් හා උස අඩි 6 කින් සමන්විත මෙම ආරක්ෂක තාප්පය ඉදිකිරිම් කටයුතු සිදු කළ අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ පලාත් බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 3 ක් ලබාදෙනු ලැබීය.

මෙම ආරක්ෂක තාප්පය ඉදිකර භාරදීම සඳුදා (09) දින පාසල් පරිශ්‍රයේ දී සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ඉරණපලෙයි දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන්, විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් සහ සිසුන් ද එක්ව සිටියහ.

මෙම ඉදිකිරිම් අවසන් කිරිමෙන් පසු 68 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිසු අයිතියට පත් කල අතර, එම කටයුතු සාර්ථකව සිදු කරගැනීමට සහයෝගය ලබාදුන් සියළුදෙනාට ද එහිදි ස්තුතිය පුද කරනු ලැබීය. එමෙන්ම, උත්සව සභාවඇමතු කථීකයින් ද යුද්ධ හමුදාවේ මෙම සත්කාරය ඇගයීමට ලක් කළහ.

|