උණුසුම් පුවත්

Clear

යුද්ධ හමුදා භට පිරිස්හි මූලිකත්වයෙන් කලහකාරි සිදුවිමෙන් හානියට පත් දිගන - කෙන්ගල්ල මාර්ගයේ සුන්බුන් ඉවත්කර යථා තත්වයට පත්කිරීම ඇරඹේ

2018-03-16

ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපල යථා තත්තවයට පත්කිරීම සහ අළුත්වැඩියා කිරී‍මේ කටයුතු මෙන්ම ...........


යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය දෙවැනි නිවහන වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් සමුගනි

2018-03-13

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙ‍ජි‍මේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති.....


233 වන බලසේනා භට පිරිස් පාසල් සිසුන් වෙත කජූ පැළ බෙදාදෙයි

2018-03-09

සිසුන්, පරිසර සංරක්ෂණය සඳහා යොමු කිරී‍ම සහ ආර්ථික සංවර්ධනයට උපකාරි වන පැළ සිටුවිමේ රුචිය ඇතිකිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන බලසේනාවට අයත් වාකරේ පිහිටි 233 වන බලසේනා මූලස්ථානය විසින් කඳවුර තුළ රෝපණය කරන ලද කජු පැළ 2000 ක් ‘හරිත ලංකා’ වැඩසටහන යටතේ වාකරේ, මාන්කර්නි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ.....


බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම විසින් ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි

2018-03-08

විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතියට සමගාමීව ‘මානසික සංවර්ධනය, සදාචාරය සහ සෞඛ්‍යමය වටිනාකම්’ පිළිබඳ වැඩමුළුවක් සහ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයක් සෙනසුරාදා (3) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.


විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරු චරිත් කුලතිලකගේ ‘සිහිනයක් සේ’ ගීත ඇල්බමය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි

2018-02-26

‘රණවිරු රියල් ස්ටාර්’ සංගීතමය වැඩසටහනින් තම ගායන හැකියාවන් ප්‍රගුණ කරගත් අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දෘෂ්‍ය හා ශාරීරිකව රණක්‍ෂිතයට පත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක.....


වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට නව කාර්යාලීය ගොඩනැගිල්ලක්

2018-02-25

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයෙහි නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් කාර්යාලීය ගොඩනැගිල්ල ඉරිදා (25) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදි.


56 වන සේනාංකයට නව කාර්යාලීය ගොඩනැගිල්ලක්

2018-02-24

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ ඉදිකරන ලද නව සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල සෙනසුරාදා (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් විවෘත කරන ලදි.


9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ලැව් ගින්නක් මැඩපවත්වයි

2018-02-24

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, වෙහෙරගොඩ ප්‍රදේශයේ සිකුරාදා (23) දින වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ලැව් ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක.....


ඩෙංගු මර්ධනය සඳහා භඨ පිරිස් සියගණනකගේ සහාය

2018-02-23

දිවයිනේ ඩෙංගු රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වු කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි යුද්ධ හමුදා භඨ පිරිස් 680 කගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.


බස් රථයේ සිදු වූ පිපිරීම සම්බන්ධව මූලික පරික්ෂණ උසාවියක් පත්කෙරේ

2018-02-23

පසුගියදා යුද්ධ හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් හට බරපතල තුවාල පමුණවමින් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස්රථයක් තුල සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්.....