උණුසුම් පුවත්

Clear

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් පිටත්ව යයි

2018-05-18

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඇතුළු නියෝජිත පිරිස නොමැකෙන මතකයන් රාශීයක් එක් කරමින් සිකුරාදා (13) දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මළල ක්‍රීඩා තරඟාවලිය නැවුම් බලාපොරෝත්තු රැසක් තබමින් සාර්ථකව නිමාවේ

2018-05-17

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහිකරමින් සාර්ථකව අවසන් විය.


යුද්ධ හමුදාවේ දායකත්වයෙන් දිවයින පුරා ඉදිකල වෙසක් කලාපයන් දහස් සංඛ්‍යාවක ජනතාවගේ ආකර්ශණය දිනාගනී

2018-04-30

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දිනය (අප්‍රේල් මස 29) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, බෞද්ධාලෝක මාවත, කොල්ලුපිටිය වාළුකාරාමය හා ගංගාරාම වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කළහ.


පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගනි

2018-04-27

පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (23) දින රාවල්පිණ්ඩි, හමුදා මුලස්ථානයේදී එතුමන් වෙත වර්ණවත් හමුදා සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉතා ගෞරවාන්විතව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.


ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයේ දස්කම් පෑ විශිෂ්ඨයින් ඇගයුමට ලක් කරයි

2018-04-27

පසුගියදා සාර්ථකව අවසන් වු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් හා එම තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දැක්වු ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමේ විශේෂ උත්සවයක් සිකුරාදා (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහනේ නියෝජිතයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ

2018-04-17

‘එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහන’ (Land Forces Pacific Programme) සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ නිලධාරින් 17 දෙනෙකු සහ එක්සත් ජනපද කාර්යාල නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සඳුදා (16) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.


මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරි අරඹයි

2018-04-17

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි සඳුදා (16) දින භාර ගන්නා ලදි. මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්විමට ප්‍රථම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයේ රාජකාරි සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.


යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් බණ්ඩාර නැවතත් සිය මව් රටට

2018-04-17

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝක ශ්‍රේණිගත මුෂ්ටි ප්‍රහාර ක්‍රිඩකයෙකු වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් අත්පත් කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ පැවති මුෂ්ටි ප්‍රහාරක අර්ධ අවසන් වටයේ තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වු ඉන්දියානු ක්‍රිඩක ගෞරව් සොලන්කි......


ලැබුවාවූ 2018 අලුත් අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

2018-04-12

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !


මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති ප්‍රතිත්‍රස්ථ යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාවේ නිල ලාංඡන පළඳවයි

2018-04-09

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාවේ කීර්තිමත්ම පුහුණු පාසලක් වන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ඉරිදා (08) දින සිදු කල පළමු නිල සංචාරයේ දී අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සහ නව පහසුකම් රැසක් විවෘත කරනු ලැබීය.