බස් රථයේ සිදු වූ පිපිරීම සම්බන්ධව මූලික පරික්ෂණ උසාවියක් පත්කෙරේ
23rd February 2018
පසුගියදා යුද්ධ හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් හට බරපතල තුවාල පමුණවමින් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස්රථයක් තුල සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක යන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සාමාජිකයින් හයදෙනෙකුගෙන් සමන්විත මුලික පරික්ෂණ උසාවියක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පත් කරන ලදි.
මෙම මූලික පරික්ෂණ උසාවි වාර්තාව ඉතා කෙටි කාලයක් තුල දී යුද්ධ හමුදාධිපතිතුමාට ලබාදීමට නියමිතව ඇති අතර, මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඊ.ආර්.පී වීරවර්ධන, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.එල් චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක හි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් පි.පි.ඒ පෙරේරා, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.ඩි.ජේ.පි වීරතුංග සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ, න්‍යෂ්ඨික ජෛව හා රසායනික අංශයේ පර්යේෂණ නිලධාරි මේජර් එන්.ඒ.බි.එම්.එස් නිශ්ශංක කටයුතු කරනු ලබයි.
|