9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ලැව් ගින්නක් මැඩපවත්වයි
24th February 2018
මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, වෙහෙරගොඩ ප්‍රදේශයේ සිකුරාදා (23) දින වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ලැව් ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට සමත්විය.
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත හා 12 වන සේනාකයට අයත් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් බඩල්කුඹුර ප්‍රදේශයේ සිඝ්‍රයෙන් පැතිරෙමින් තිබු ගින්න මැඩ පැවැත්විය.
12 වන සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චිගේ ගේ අධීක්ෂණය මත 25 දෙනෙකුට අධික යුද්ධ හමුදා භට පිරිසක් පැතිරෙමින් තිබු ගින්න මැඩපැවැත්වීම සඳහා දායකත්වය ලබා දුන්හ.
|