උණුසුම් පුවත්

Clear

පොලිස් නිලධාරින් සමඟ යුද්ධ හමුදා භටපිරිස් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

2019-05-09

පසුගිය බ්‍රහස්පතින්දා (9) දින දිවයින තුල අඛණ්ඩව නීතිය හා සාමය පවත්වා ගැනීමට මෙන්ම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් හානිකර ද්‍රව්‍ය සහ සැකකරුවන් සෙවීම සඳහා දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථාන තුලින් විවිධ මට්ටම් වලින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබිනි.


දිවයින පූරා දීපව්‍යාප්ත පාසල්වල ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවයි

2019-05-07

දෙවන පාසල් වාරය ආරම්භවීමත් සමඟ ශිෂ්‍යයින්ගේ පාසල් පැමිණිමේ අනුපාතය සැලකිය යුතු මට්ටමක අඩුවීමක් හේතුවෙන් දිවයින පුරා විසිර සිටින ආරක්‍ෂක හමුදාව සහ පොලීසිය එක්ව ප්‍රධාන නගර සහ ඒ අවට ප්‍රදේශයන්හී පාසල්, පොදු ස්ථාන සහ ජනාකීර්ණ...


විශේෂ සාකච්ඡාවකදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂාව ඇගයීමට ලක් කරයි

2019-05-02

වෙසක්, පොසොන් සහ රාමසාන් උත්සවවලදී සහ රජයේ පාසැල් නැවත විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ පෙළේ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් අද (02) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. ආරක්ෂක, පරිපාලන හා දේශපාලන බලධාරීන් ඇතුළු විද්වතුන් පිරිසක් විසින්...


නව ආරක්‍ෂක ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්විය.

2019-04-29

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සදුදා (29) දින සන්ධ්‍යාවේ නව ආරක්‍ෂක ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කළ ඇති අතර එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ඔහු විසින් භාරගන්නා ලදි.


යාවත්කාලීණ : ප්‍රති ප්‍රහාරයන් වලදී තුවක්කුකරුවන් දෙදෙනෙකු මරුට

2019-04-27

පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්‍ෂක මුරකාවල් යොදවනු ලැබීය.


පොදු සමා කාලය තුළ සේවය හැරගොස් සිටි බොහෝ පිරිසක් භාරවෙති

2019-04-26

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ...


ත්‍රස්තවාදී සංවිධාන, ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ජාලයන් යුද්ධ හමුදාධිපති විසින් හඳුනාගනී

2019-04-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (22) දින කොළඹ බිෂෝප් නිවසේදී කොළඹ අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවූ අතර එහිදි අවාසනාවන්ත ලෙස සිදු වූ මෙම සිදුවීමෙන් පසු හුවමාරු වන තොරතුරු පිළිබඳ බුද්ධි අංශ අතර...


ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් අදාළ මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්තර කරයි

2019-04-25

යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිවයින පුරා පැතිර යන කටකතා සහ මහජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර දිවයින යථා තත්ත්වයට පත්කර නීතිය හා සාමය...


හදිසි තොරතුරු සඳහා හමුදා මූලස්ථානය අමතන්න

2019-04-23

දැනට පවතින හදිසි ආරක්‍ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.


වන්නි යුද්ධ හමුදා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකරයි

2019-04-17

නිවාස අවශ්‍යතා සපුරාලීමට සහ දුගී ජනතාව අතර දුප්පත්කම පිටුදැකීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ගනේෂපුරම් සහ පම්පෙමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් දෙකකට පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රහය ඇතිව තවත් නව නිවාස දෙකක් ඉදිකරදෙයි.