උණුසුම් පුවත්
වොලිබෝල් තරඟාවලිය - 2018 හී ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2018 හී අවසන් තරඟය බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
මුෂ්ටි ප්‍රහාරක (Boxing) ශූරතාවලිය තුන්වන වරටත් විජයබාහු පාබල හමුදා සාමාජිකයින් හිමිකරගනි

අන්තර් රෙජිමේන්තු මුෂ්ටි (Boxing) ප්‍රහාරක තරගාවලිය පෙබරවාරි මස 12 සිට 15 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදි පවත්වනු ලැබූ අතර, සිකුරාදා (15) දින පැවති මුෂ්ටි ප්‍රහාරක ශූරතා අවසන් මහා තරගයේදී විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින් නොකඩවා තුන්වැනි..
යුද්ධ හමුදාධිපතිතුමන් අඹේපුස්සෙ පිහිටි ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරතවිය

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (13) දින අඹේපුස්සෙ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරය කළ අතර එම අවස්ථාවේදී රෙජිමේන්තුවේ නවතමයෙන් සිදු කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයක සමාරම්භක අවස්ථාව සඳහා ද සහභාගී වන ලදි.
‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

71 වන නිදහස් දින සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් වන ‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය, එචලන් චතුරස්‍ර පරිශ්‍රයේ දී අඟහරුවාදා (12) දින ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය ඒකකය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා...
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් ගුවන් තොටුපලේදී භාරගැනීමට යුද්ධ හමුදාධිපතිතුමන් සුදානමින්

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු නිල උසස් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් සෙනසුරාදා (02) දින පස්වරු 3.10 ට පමණ දිවයිනට රැගෙන...
65 සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් භික්‍ෂුන් වහන්සේලා සමඟ එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම් ලාභි පවුල් දෙකක් සඳහා නව නිවෙස් ඉදිකරදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි තාක්‍ෂණික දායකත්වය සහ ශ්‍රමදායකත්වය යොදාගනීමින් ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය අනුග්‍රහය ඇතිව කිලිනොච්චි, ඉරණමාතා නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.
කිළිනොච්චිය හා මුලතිව් භට පිරිස් එක්ව ජල ගැලිමෙන් හානියට පත් පානීය ජල ළිං පිරිසිදු කරයි

පසුගිය දිනවල ඇතිවු දැඩි වර්ෂාපතය හේතුවෙන් කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පහත් බිම් ප්‍රදේශ වල පානීය ජල ළිං යටවීම හේතුවෙන් උග්‍ර ජල අර්බුදකට මුහුණ පා සිටින මිනිසුන්ගේ පානීය ජල විසදුමට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය සිකුරාදා (6) දින සවස් කාලය වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පානීය ජල ළිං 324 හා මුලතිව් දිස්ත්‍රික්කයේ...
විශ්‍රාම යෑමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් 6 දෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

වසර 22 ක සේවා කාලය සාර්ථකව නිමකල විශ්‍රාම ගැනීමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් 6 දෙනෙකු සඳහා බ්‍රහස්පතින්දා (3) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීමට අවස්ථාවක් හිමිවු අතර, එහිදි යුද්ධහමුදාධිපතිතුමන් විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට කැපවීමෙන් යුතුව ඔවුන් කළ සේවය කිරිම අගයමින් ඔවුන් හට ‘ප්‍රණාම සහතික’ (උපහාර සහතිකයක්) ප්‍රධානය කරනු ලැබීය.
හමුදා අංගම්පොර ශිල්පීන්ගේ පළමු මහජන ප්‍රදර්ශනය කතරගමදී පැවැත්විය

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ නවතමයෙන් පිහිටු වන ලද අංගම්පොර සටන් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව හැදැරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර ක්‍රීඩකයින් කතරගම පූජා භූමියේදී කතරගම දෙවියන් සඳහා වූ පුද පුජා සහ වත් පිළිවෙත් ඉෂ්ඨ කරමින් ඔවුන්ගේ පළමු අංගම්පොර සංදර්ශනය පවත්වනු ලැබූහ. මෙම සංදර්ශනය ඉරිදා (30) දින පැවැත්වු අතර එය නැරඹීම සඳහා කතරගම පුද භූමීයට රැස්ව සිටි විශාල බැතිමතුන් පිරිසක් හා විදේශිකයන් පිරිසක්ද එක්ව සිටියහ.
කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරින් පසු ළිං පිරිසිදු කරමින් පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රත්නපුරම්, ආනන්දපුරම්, භාරතිපුරම්, කලෙයිනගර්, උලවනූර්, මයිලවනපුරම්, කොලොන්ඩුපුරම්, කල්ලරු, ධර්මපුරම්, වැලිකන්ද, මරුසුමොටේ, කන්දවාලි, උරියන්, කන්දවේලී, නගෙන්දපුරම්...