උණුසුම් පුවත්

Clear

කාම්බෝජියානු බිම්වෙඩි ක්‍රියාකාරි නියෝජිතයින් මුහමාලේ දී යුද්ධ හමුදා මානුෂීයවාදී බිම්වෙඩි ඉවත් කිරීම පිළිබඳ අධ්‍යනය කරයි

2018-11-08

කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනිම සඳහා පසුගියදා දිවයිනට පැමිණි අතර....


‘සහසක් නිමැවුම් - 2018’ හි දී යුද්ධ හමුදා නව නිපැයුම් 19 ක් ඇගයුමට

2018-11-01

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවති ‘සහසක් නිමැවුම් - 2018’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කරන ලද අතර ඉන් නව නිපැයුම්කරුවන් 29 දෙනෙකු අතරින් නව නිපැයුම්කරුවන් 19 දෙනෙකු සිය නිර්මාණ....


ගෘහස්ථ ඔරුපැදීමේ තරඟාවලිය - 2018 සාර්ථකව නිමාවට

2018-10-31

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරාගැනීම ශක්තිය, මානසික ශක්තිය හා ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා ක්ෂේත්‍රයකට ප්‍රවිෂ්ඨවෙමින් 6 වන ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය ඔක්තෝම්බර් මස 25 සහ 26 දිනයන් හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වනු ලැබීය.යුද්ධ හමුදාවේ රෙජිමේන්තු හා.....


ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

2018-10-28

පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (27) දින සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අන්දමින් රණවිරු සැමරුම් උළෙලක් පැවැත් වූ අතර, ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදු පාබල හමුදා විරුවන් දහස් ගණනකගේ බිරින්දෑවරුන්, දූ දරුවන් සහ ඥාතිහිතමිත්‍රාදීන් සහභාගි විය.


දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ

2018-10-28

මේ වනවිට ක්‍රියාත්මක වන ‘වනරෝපා’ ජාතික වැඩසටහන සඳහා අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මුලිකත්වය ගෙන කටයුතු කරන ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියේ අවසාන අදියර ලෙස, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම යටතේ දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන 7 හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (27) දින අදාළ බල ප්‍රදේශයන්හි පැළ 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදි.


ජාත්‍යන්තර තරඟයන් හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයූමට

2018-10-27

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයන් හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. පසුගිය සති කිහිපය තුලදී....


ආරක්‍ෂක අමාත්‍යාංශයේ විවිධ ව්‍යාපෘති හරහා රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත රුපියල් මිලියන 800 ක ප්‍රතිලාභ ප්‍රදානය කෙරේ

2018-10-18

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් දියත් කරනු ලබන අතර, ඉන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ...


නුඳුරේදී මාලී දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්වයාමට නියමිත දෙවන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයට (Combat Convoy Company) ‘හාර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක්

2018-10-17

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා භට පිරිස් වැඩි සංඛ්‍යාවක් සභභාගි කරවන රටවල් අතරින් එකක් ලෙස (UN troop contributing country) නුඳුරේදී බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත.....


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 69 වන සංවත්සරය සමරයි

2018-10-09

දේශයේ ආරක්‍ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බදාදා (ඔක්තෝබර් මස 10) දින සිය 69 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා...


කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී 69 වන හමුදා දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

2018-10-07

69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (05) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදා නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.