විශේෂ සාකච්ඡාවකදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂාව ඇගයීමට ලක් කරයි

2nd May 2019

වෙසක්, පොසොන් සහ රාමසාන් උත්සවවලදී සහ රජයේ පාසැල් නැවත විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ පෙළේ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් අද (02) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

ආරක්ෂක, පරිපාලන හා දේශපාලන බලධාරීන් ඇතුළු විද්වතුන් පිරිසක් විසින් ආරක්ෂාව, වඩාත්ම අවශ්‍ය වන ස්ථාන, සංචාරක ආකර්ෂණය, පොදු ස්ථාන, පාසැල් හා අනෙකුත් අවදානම් සහිත ස්ථානයන් සඳහා ආරක්ෂිත ජාලයන් ක්‍රියාත්මක කිරිම සඳහා ඉදිරියේදි ගත හැකි ක්‍රියා මාර්ගයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක බණ්ඩාරනායක, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අනුර විඡේසිරි, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්, පොලිස් අධිකාරී ඩම්මික වීරසේකර, ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙ අණදෙන නිලධාරී, පොළොන්නරුව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. |