ආරක්ෂක අමාත්‍යාංශ නව ව්‍යාපෘතියක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තාක්ෂණික ශිල්පීන් ලෙස බඳවාගැනේ
11th October 2016
තාක්ෂණික දැනුම සහිතව සේවයෙන් විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙනුවෙන් දියත් කරනු ලැබූ සුබසාධන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශ්‍රාමිකයින් 50 දෙනෙකු වෙත රාජ්‍ය අංශයේ නව තාක්ෂණ ශිල්පීන් ලෙස රැකියා ලබා දීමේ පත් වීමේ ලිපි අඟහරුවාදා (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියරේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ යුද (20), නාවික (2) සහ ගුවන් (28) විශ්‍රාමික සාමාජිකයින් 50 දෙනෙකු වෙත දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක තාක්ෂණික නිලධාරීන් ලෙස බඳවා ගන්නා ලදී.
අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා මෙම වර්ෂයේ මාර්තු මස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සමඟම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය වෙත කෘෂිකර්ම, සිවිල් ඉංජිනේරු, අධ්‍යාපන, විද්‍යුත්, තොරතුරු තාක්ෂණය, විදුලි, සෞඛ්‍ය, හොටෙල් සහ සංචාරක, නඩත්තු, කාර්මික, ඉංජිනේරු සහ නිෂ්පාදන යන අංශයන් වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ අයදුම් පත් 6292 ක් ලැබුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අනුග්‍රහය දක්වන අතර, ඔවුන් වෙත ලැබෙන විශ්‍රාම මුදලට අමතරව ප්‍රවාහන සහ අනෙකුත් දීමනා සමගින් රුපියල් 20,000/= කට වැඩි මුදලක් ගෙවනු ලැබේ.
එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, ජනාධිපති ලේකම් පි.බි. අබේකෝන් මහතා, ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශ ලේකම් ටි.පි.ජි.එන්. ද අල්විස් මහතා, ආරක‍්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ඒ.පි.ජි. කිත්සිරි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවත් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වුහ.
ඡායාරූප උපුටා ගැනිම :- www.president.gov.lk වෙබි අඩඩියෙන්
|