සංවත්සරයේ ආගමිකවතාවත් අවසන් කරමින් භික්ෂුවහන්සේලා වෙත දානය පිරිනැමිම
9th October 2016
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයෙහි පෙර දින පැවති පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඉරිදා (09) දින මහාසඟරුවන වෙත හීල් දානය සහ දවල් දානය ද පිළිගන්වන ලදි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සම්ප්‍රදායානුකූලව මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව මහා සංඝරත්නය දාන ශාලාව වෙත වඩම්මවා හීල් දානය පිරිනැමිම සිදු කෙරිනි. අනතුරුව ආගමික වතාවත්හි අවසන් අංගය ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා 100 නමක් පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත වඩම්මවා සාංඝික දානය පිළිගැන්වීම ද සිදු කරන ලදි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම දානමය පිංකම සඳහා සහභාගි වූහ.
|