ටජිකිස්තාන් ජනාධිපති වෙත ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් වර්ණවත් සම්මාන පෙළපාලියක්
14th December 2016
යුද හමුදා භට පිරිස් ඇතුලුව ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් ටජිකිස්තාන් ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා වෙත අඟහරුවාදා (13) දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමා ගෞරව පුද කරන ලදි.
එහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා ගෞරව සහිතව එතුමන් පිළිගත් අතර, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මීට එක්ව සිටියහ. අතිගරු ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටී.
ටජිකිස්තාන් ජනාධිපති පිළිගැනීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කේ.ඒ.ගුණතිලක සමඟින් ප්‍රධාන පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව ආචාර පුද කිරීම සිදු කෙරිනි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් 04 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 96 දෙනෙකුගෙන් සමන්විත මෙම වර්ණවත් පෙළපාලියේ ගැමුණු හේවා බලකායේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 33 දෙනෙකු ද විය.
මෙම රාජ්‍ය ත්‍රාන්තික උත්සවය ත්‍රිවිධ හමුදා සංස්කෘතික කණ්ඩායම මඟින් තවත් වර්ණවත් විය.
ඉන්අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සම්මාන වෙඩි මුර 21 පිරිනමා රාජ්‍ය ත්‍රාන්තික අමුත්තා වෙත ආචාර පුද කිරිමත් සමඟින් එදින උත්සවය නිමාවිය.
|