නව අවුරුදු උදාව සංකේතවත් කරන යුද්ධ හමුදා මූලස්ථානයේ සම්ප්‍ර‍දායික තේ පැන් සංග්‍ර‍හය

20th April 2017

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමා විසින් සම්ප්‍ර‍දායික තේ පැන් මේසය විවෘත කරනු ලැබූ අතර තේ පැන් සංග්‍රහය අතරතුර එතුමා විසින් මෙම අවස්ථාවට එක්ව සිටි සියලු නිලයින් සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේනක උඩවත්ත ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම සෙසු නිලයින් ද එක්ව සිටියහ.

|