මුල් පුවත්

Clear

ශ්‍රී ලංකාවේ පැවති ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් සමුළුව අවසන් වේ

2017-08-04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සංවිධායකත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වූ 9 වන ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (3) දින අවසන් විය.


කොළඹ දී පැවැත්වෙන සාම සාධක මෙහෙයුම් සමුළුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

2017-08-02

‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත්වෙන 9 වන ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (1) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වූ අතර, මෙම සමුළුව සඳහා 40 දෙනෙකුට අධික විදෙස් නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.


මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදාධිපතිගේ පරික්ෂාවට

2017-08-01

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE), එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියමයන්ට අනුව පරික්ෂාව කිරීම සඳුදා (31) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිවරයා යාපනය භට පිරිස් ඇමතීම සහ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනකට එක්වේ

2017-07-30

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය ආරක්ෂක සේනා මුලස්ථාන සංචාරයන් ආරම්භ කරමින් එහි පළමු සංචාරය ලෙස සෙනසුරාදා (29) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා එම ආරක්ෂක සේනා ආඥාපති......


විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් යුද්ධ හමුදාධිපති හමුවේ

2017-07-29

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජය මහා කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආරක්ෂක උපදේශක බ්‍රහස්පතින්දා (27) සහ සිකුරාදා (28) යන දෙදින තුළ අවස්ථා තුනකදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.


දොඹගොඩ පිහිටි යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ සපත්තු සහ සම්භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කෙරේ

2017-07-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ හොරණ, දොඹගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ නව, සපත්තු, හිස්වැසුම්, අත්බෑග්, අත් යන්ත්‍ර හා බලවේග පේෂ කර්මාන්ත නිෂ්පාදනය අඟහරුවාදා (25) දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කරනු ලැබීය.


යුද්ධ හමුදාව ප්‍රතිසංස්කරණය කරන ලද වැව සහ මාර්ගය යුද්ධ හමුදාධිපතිතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත සංකේතාත්මකව භාරදෙයි

2017-07-22

යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් කන්තලේ, ගංතලාව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද 11 වන වැව සහ ගංතලාව දෙසට ගමන් කරන කිලෝමීටර් 5.4 ක් දිග මාර්ගය සංකේතාත්මකව භාරදීම සිකුරාදා (21) වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කෙරිණි.


නව යුද්ධ හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවේ

2017-07-20

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා හමුවිය. මෙම සුහද හමුවේ දී ආරක්ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.


ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

2017-07-18

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ අද (18) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


නව යුද්ධ හමුදාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ආචාරය

2017-07-13

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත බ්‍රහස්පතින්දා (13) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.