ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ආබාධිත රණවිරුවන්හට නව කිහිලිකරු සහ රෝද පුටු ප්‍රදානයක්

11th April 2017

ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ‘අභිමන්සල’, ‘මිහිදු සෙත් මැදුර’ සහ ‘රණවිරු සෙවණ’යන ස්ථානයන් හී නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සඳහා නව කිහිලිකරු යුගල් 100 ක් සහ රෝද පුටු 10 ක් අද (10) පුන් පොහෝ දින සවස ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ප්‍රදානය කරන ලදී.

තම මහත්මාභාවය සහ පරිත්‍යාගශීලිත්වය සංකේතවත් කරමින් ජනාධිපති කර්යාලයේ මාධ්‍ය ලේකම් රකිත රාජපක්ෂ මහතා තම වසර දෙකක වැටුප මේ සත්කාරය වෙනුවෙන් කැපකර රුපියල් 750,000/= ක මුදලක් වැය කර මෙම පරිත්‍යාග කිරිමේ වැඩසටහනට දායකත්වය දක්වන ලදී. එතුමා මේ වන විට ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලයේ වසර දෙකක් ජනාධිපති මාධ්‍ය ලේකම් ලෙස සේවය කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම පරිත්‍යාග වැඩසටහනේ සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

මෙහිදී රකිත රාජපක්ෂ මහතා ආබාධිත රණවිරුවන් තිදෙනකුට සංකේතාත්මකව කිහිලිකරු සහ රෝද පුටු පරිත්‍යාග කිරිම සඳහා සහභාගි විය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා, යුද, නාවික හා ගුවන් හමුදාපතිවරු සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පාලිත පැල්පොළ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරි බ්‍රිගේඩියර් ඩි.ඒ.ආර් රණවක ඇතුළු අනෙකුත් නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි විය.

|