බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපතිගේ සුරතින් විවෘත කෙරේ
10th June 2017
පොසොන් සැමරුමට සමගාමීව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී සිකුරාදා (09) දින පැවති බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශාවක වූ සැරියුත් සහ මුගලන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පූජ්‍ය දිඝවාපියේ සූසිම ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේ ගේ ආරාධනයෙන් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ධාතු වහන්සේලා මණ්ඩපය වෙත වැඩමවන ලදී.
මීට අමතරව, භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පස්වග මහණුන්ගේ පිළිම වහන්සේලාද යුද්ධ හමුදාධිපති විසින් එහිදි විවෘත කරනු ලැබීය.
මෙම උතුම් ආගමික අවස්ථාව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ද එක්ව සිටියහ.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතිඋත්තම ශ්‍රී සර්වඥ හා අග්‍රශාවක ධාතුන් වහන්සේලා වන්දනාව හා පොසොන් මහා පිංකම බ්‍රහස්පතින්දා (08) පොසොන් පොහොය දින ආරම්භ විය.
|