මුල් පුවත්

Clear

යුද හමුදා 68 වන සංවත්සරය වෙනුවෙන් කිතුනු ආශිර්වාද

2017-10-03

68 වන යුද හමුදා සංවත්සර දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ ක්‍රිස්තියානි දේවමෙහෙය අඟහරුවාදා (03) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.


68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික වතාවත් සෙංකඩගල පුරවරයෙන් ආරම්භ වේ

2017-09-28

ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.


යාපනය ජනතාවට යුද හමුදාවෙන් නව සෞඛ්‍ය පහසුකම්

2017-09-25

ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සෑම විටම විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් හි බාහිර රෝගී අංශ සෞඛ්‍ය පහසුකම් සහ යාපනය මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකර ජනතා අයිතියට පත්කරමින් ඉරිදා (24) දින සුවිශේෂි මෙහෙවරක යෙදුණි.


යුද්ධ හමුදාධිපති සියොල් නුවර දී ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශාන්තිකර කලාපීය අණදෙන නිලධාරි හමුවෙයි

2017-09-20

කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන ශාන්තිකර කලාපීය යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර බදාදා (20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් ඒ. මිලෙයි (General Mark A. Milley) අතර සුහද හමුවක් පැවැත්විය.


යුද්ධ හමුදාධිපති සියෝල් නුවර ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සමුළුවට (PACC) සහභාගි වේ.

2017-09-19

කොරියාවේ සීයෝල් නුවර ‘උත්සාහයේ එක්සත්භාවය ; සාම්ප්‍රදායික නොවන තර්ජන මැඩපැවැත්වීමෙහිලා ගොඩබිම් හමුදාවන්හි හා සාමාන්‍ය ප්‍රජාව අතර එකමුතුව’(‘Unity of Effort: Building Civil-Military Partnerships in Land Force Response to Non-Traditional Security Threats’) යන තේමාව යටතේ දැන් පැවැත්වෙන සිව් දින ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සම්මන්ත්‍රණයට (PACC) යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් රැසක් සහභාගිවේ.


ආරක්ෂක මුලස්ථානයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය අතිගරු ජනාධිපතිතුමන් නිරීක්ෂණය කරයි

2017-09-05

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.


හත්වන කොළඹ ආරක්ෂක සමුළුව නිමාවට : අන්තවාදය පිළිබඳ විද්වත් කථීකාවතට නව ජවයක්

2017-08-31

‘අන්තාවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්‍රවණතා’ යන තේමාවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබු ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ ලොව නන් දෙසීන් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍ර ප්‍රවිණයන් 90 දෙනෙකු සහ 800 කට වැඩි ආරක්ෂක සේවා ප්‍රකට විද්වතුන් ඇතුළු 800 කට වැඩි පිරිසක් මධ්‍යයේ නිමාවට පත්වු අතර ලොව පුරා පැතීර යන අන්තවාදයට එරෙහිව ප්‍රායෝගික, උපක්‍රමික සහ වඩාත් සුදුසු විසඳුම් සෙවීමේ උත්සහයන්ට කැපවීම ඔවුන් එහිදි සපථ කලහ.


‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අතිගරු ජනාධිපතිතුමන් අතින් නිල වශයෙන් විවෘත වේ

2017-08-28

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන වැඩසටහනක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අද (28) උදෑසන 7 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් විද්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.


පාබල හමුදා නව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරයි

2017-08-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සිකුරාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.


දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ

2017-08-25

විදේශීය හමුදා සමාජිකයින් හා නිරීක්ෂකයින් 62 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා භඨ පිරිස් 2675 ක් සහ නවාංග කිහිපයක් ද සමගින් යුද හමුදා දින දර්ශකයේ ඉතා වැදගත් ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයක් වන ‘දියකාවා මෙහෙයුම VIII - 2017’ වර්ෂ 2017 සැප්තැම්බර් මස 3 වන දින පැවැත්වීමට සියල්ල සුදානම් බැව් අද දින (24) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අනාවරණය කලේය‍.