යුද්ධ හමුදාධිපති නාය යෑමේන් විපතට පත් මොරවක සහ දකුණු ප්‍රදේශයේ සංචාරයක

6th June 2017

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (05) දින උදෑසන ගංවතුරින් විපතට පත් දකුණු පළාතේ මොරවක, අකුරුස්ස සහ මාතර යන ප්‍රදේශයන්හි සංචාරයක නිරත වෙමින් පශ්චාත් ආපදා සංවර්ධන කටයුතු මෙන්ම හදිසි සහන සේවාවන් පිළිබඳව නිරික්ෂණය කරනු ලැබීය.

මාතර ප්‍රදේශයට පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණි මුලස්ථානයේ පැවති පශ්චාත් ආපදා සහන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට එක්වු අතර, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට එක්ව සිටියහ. එදින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් සඳහා යුද්ධ හමුදාධිපතිවරයා සහභාගි වු අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සමඟින් අකුරැස්ස සහ මොරවක ප්‍රදේශයන්හි සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදි යුද්ධ හමුදාධිපතිවරයා මොරවක නාය යෑමේන් විපතට පත් ස්ථානයේ සහන සේවා කටයුතු වල නිරත යුද්ධ හමුදා භට පිරිස් සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව විමසා සිටිනු ලැබීය. එමෙන්ම අකුරැස්ස ප්‍රදේශයේ සංචාරය කරමින් ආපදාවෙන් විපතට පත් සිවිල් ජනතාව සමඟ ද කතාබහක නිරත විය.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.

|