මුල් පුවත්

Clear

පොලිස් මූලස්ථානය යුද්ධ හමුදාධිපති සාදරයෙන් පිළිගනියි

2017-08-23

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය. යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර, එහිදී සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති පෙළපාලියේ අණදෙන්නා සමඟ පෙළපාලිය පරීක්ෂා කරන ලදි.


යුද්ධ හමුදා විශේෂ බලකායෙන් තම රෙජිමේන්තු අධිපතිතුමන්ට ආචාර

2017-08-20

විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති වු වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (19) දින විශේෂ බලකා නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. සීදුව ප්‍රදේශයේ මීට ඉහත දී ස්ථානගත කර තිබු විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, විශේෂ බලකා සාමාජිකයින්ට වැඩි ඉඩ පහසුකම් සැපයිමේ අරමුණින් මාතලේ, නාඋල ප්‍රදේශයේ අභිනවයෙන්.....


ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

2017-08-18

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි බ්‍රහස්පතින්දා දින (17) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ පිළිබඳ යුද්ධ හමුදාධිපති අදහස් දක්වයි

2017-08-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් 7 වන වරටත් පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ (අගෝස්තු මස 28-29) හි මාධ්‍ය හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (15) දින කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.


බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයීය කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ

2017-08-16

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් පිරිසක් දකුණු ආසියානු විෂය මාලාවේ විදේශ අධ්‍යයනයේ කොටසක් ලෙස සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ නව පහසුකම් යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

2017-08-13

කුරුණෑගල, වැහැරවත්ත හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයට අයත් නවීන පහසුකම් සහිත සංකීර්ණය සෙනසුරාදා (12) දින උදෑසන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කරන ලදි. නව පහසුකම් සහිත මෙම සංකීර්ණය නව ශ්‍රවණාගාරයකින්, පුස්තකාලයකින් සහ පරිගණක විද්‍යාගාරයකින් සමන්විතය.


ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ

2017-08-12

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පස්වන වරටත් පසුගිය සිකුරාදා (11) දින පැවැත්විණි.


යුද්ධ හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

2017-08-10

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (10) දින උදෑසන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. ප්‍රථමයෙන් රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවු අතර, එහිදි පැවති සුහද හමුවේදි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව ධුරය වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුහ.


දැඩි සංවේදීතාවයට පත් ස්වාමින් වහන්සේ යාපනය මහාධිකරණ විනිසුරුවරයාට අශීර්වාද කරයි

2017-08-09

පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරු වෙත ආරක්ෂාව සැපයු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වු අවස්ථාවේ දී එම විනිසුරුවරයා විද්‍යාමාන කළ සංවේදි කාරුණිකත්වය සහ ක්‍රියාකළ ආකාරය වෙනුවෙන් තම කෘතඥතාවය සහ ඇගයීම ප්‍රකාශ කිරීම සඳහා .....


යුද්ධ හමුදාධිපතිතුමා දළදා සමිඳුන් වැඳපුදා මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගනී

2017-08-04

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (04) උදෑසන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව මල්වතු සහ අස්ගිරි විහාරයන් වෙත පැමිණ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් හමු වී ආශිර්වාද ලබාගනු ලැබීය.