මුල් පුවත්

Clear

‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017’ උත්සවාකාරයෙන් ආරම්භ වේ

2017-11-22

වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් සාමය උදාකිරීම සඳහා සිය අත් පා පූජා කළ රණවිරුවන් 450 කට වැඩි පිරිසකගේ ක්‍රීඩා දක්ෂතා එළිදැක්විම සඳහා පවත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) උදෑසන හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.


යුද්ධ හමුදාධිපතිතුමන් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

2017-11-17

යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පළමු වරට කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (17) දින සංචාරයක නිරත විය.සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධීපති වෙත එම බලකා භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලද අතර සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් විසින් පිලිගන්නා ලදි.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 66 වන සංවත්සර උත්සව මාලාවේදී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

2017-11-11

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 66 වන සංවත්සර උත්සව මාලාවට සමඟාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්විම හා අභිනවයෙන් ඉදිකරන ලද නව සම්මේලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (11) දින සන්ධ්‍යාවේදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් ‍සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.


කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිතුමන් සහතික වේ

2017-11-10

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් අද (09) දින පස්වරුවේ දී කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අමතනු ලැබීය.


මාලි එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් බලා පිටත් වන භට පිරිස් හි නැව් ගත කිරීමට සුදානම් යුධෝපකරණ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධික්ෂණයට

2017-11-07

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා නුඳුරේ දී මාලි බලා පිටත්ව යන භට පිරිස් හි යුධෝපකරණ තව දින 02 - 03 ක් තුල දී මුහුදින් ප්‍රවාහනය කිරීමට නියමිත අතර, අදාල භාණ්ඩ නැව් ගත කිරීම අධික්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (07) දින පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණියහ.


නව නාවික හමුදාධිපති යුද්ධ හමුදාධිපති හමුවේ

2017-11-06

22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි යූඑස්පි එන්ඩිසී පිඑස්සී ඒඕඩබ්ලිව්සි අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


යුද්ධ හමුදාපතිතුමන් නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් හමුවේ

2017-10-28

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (28) වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත නිල සංචාරයක් සිදු කරමින් එහි නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් හමු වී භට පිරිස් සුබසාධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.


‘වන රෝපා’ රුක් රෝපණ ව්‍යාපෘතියට ආධාරයක් වෙමින් යුද්ධ හමුදාධිපති ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරයි

2017-10-27

අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් අද උදෑසන (27) කන්දකාඩු, කන්තලේ යුද්ධ හමුදා ගොවිපලේ දුර්ලභ ශාක වර්ග 1500 ක් වගා කරමින් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරන ලදි.


රණක්ෂිතයට පත් රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ජයටම

2017-10-24

ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට

2017-10-23

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙනුවෙන් සුභාෂිංශණ පැතිමේ උත්සවයක් අද දින උදැසන (23) එම විද්‍යාලයේ දී එතුමන්ගේ පාසැල් මිතුරන්, සමකාලීනයන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ගොස් ඇති ත්‍රිවිධ හමුදා ආදී ආනන්දීයන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.