යුද්ධ හමුදාධිපතිතුමා දළදා සමිඳුන් වැඳපුදා මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගනී
4th August 2017
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (04) උදෑසන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව මල්වතු සහ අස්ගිරි විහාරයන් වෙත පැමිණ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් හමු වී ආශිර්වාද ලබාගනු ලැබීය.
දළදා මාලිගාව වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමා පිළිගැනීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල බණ්ඩාර විසින් සිදු කළහ.
ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් පසු මහනුවර සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ප්‍රථමයෙන් මල්වතු විහාරයට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමා මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමිපාණන් ද බැහැ දැක ආශිර්වාද ලබාගන්නා ලදි.
තවද මෙම සංචාරයේ දී යුද්ධ හමුදාධිපතිතුමා විසින් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කන්දේ විමලානන්ද ස්වාමින් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
එමෙන්ම, යුද්ධ හමුදාධිපති විසින් උන්වහන්සේලා වෙත අටපිරිකර ඇතුලු පිරිකර ද පූජා කරනු ලැබීය.
|