මුල් පුවත්
ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුව මීට වසර 136 කට පෙර එනම් වර්ෂ 1880 දී යටත් විජිතවාදි යුගයේ දී ලංකා පාබල හමුදාව (Ceylon Light Infantry) ලෙස ආරම්භ වූ අතර, වර්ෂ 1989 දී සියල්ල සම්පුර්ණ පාබල රෙජිමේන්තුවක් බවට පත්විය.
ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි

මේ දක්වා වර්ෂ 135 ක ඉතිහාසයක් ඇති ජාතික ශීෂ්‍ය භට බලකායේ හර්මන් ලෝස් කුසලාන/ද සොයිසා කුසලාන ශිෂ්‍ය භට කඳවුරේ විසිර යාමේ පෙලපාලිය 19 දින පෙරවරුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පවත්වන ලදී.
‘රණවිරු ඇපරල්’ නව පිහිණුම් තටාකය රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට භාරදෙයි

රණක්ෂිතයට පත්වූවත් වෘත්තීය සුදුසුකම් සහිතව යක්කල, ‘රණවිරු ඇපරල්’ හි සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ට ජල චිකිත්සක ප්‍රතිකාරයන් සඳහා අත්‍යාවශ්‍යව පැවති සියළු අංගෝපාංගයන්ගෙන් සමන්විත නව පිහිණුම් තටාකය අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදි.
යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි භට පිරිස් අමතමින් තම අරමුණු පහදයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදු කෙරුණු ප්‍රථම නිල සංචාරය සෙනසුරාදා (14) දින සිදුවිය.
වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 68 වන සංවත්සරය සමරයි

ජාතිය සුරැකීමේ අභිමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 68 වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් අඟහරුවාදා (10) දින උදෑසන පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පවත්වනු ලැබීය.යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස අවසන් සතියෙහි සිට වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබු අතර, අද දින සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා ධජය ඔසවමින් හමුදා දින සැමරුම් වැඩසටහන ආරම්භ විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස නම් ලැබ වසර 68 ක කාලසීමාවක් තුල දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත.
යුද්ධ හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ දී

යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී 68 වන හමුදා දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (06) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය’ නිමාවට

54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ’ සමාප්ති උත්සවයේ සහ ජයග්‍රාහකයින්හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයෙන් සමාප්ති උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
යුද්ධ හමුදා 68 වන සංවත්සර ආශිර්වාද ඉස්ලාමීය ආගමික යාඥා ජූම්මා මුස්ලිම් පල්ලියේ දී

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් 68 වන යුද හමුදා සංවත්සර දිනයට සමගාමීව බදාදා (04) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා ඉස්ලාමීය ආගමික යාඥාවන් පවත්වන ලදී.