මුල් පුවත්

Clear

යුද්ධ හමුදාව ‘බෙත්ලෙහම්පුරයේ දරුවා’ නෙළුම් පොකුණේදි රඟදක්වයි

2017-12-15

උදාවන නත්තල් උළෙල සහ 2018 නව වසර සැමරිම වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේදි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.


ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි යුද්ධ හමුදාධිපති හමුවේ

2017-12-11

දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ පිවිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් විඑම් ඒඩිසි (Air Chief Marshal Birender Singh Dhanoa PVSM AVSM YSM VM ADC) සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිහිනුම් තරඟාවලිය ඇරඹේ

2017-12-10

කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පිහිනුම් තරඟාවලිය සෙනසුරාදා (09) දින උදෑසන තෙවන වරටත් එම විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී ආරම්භ කරනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදු කල නිල දේශනයේ දී හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගයේ වැදගත්කම පහදයි

2017-12-08

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පී.එස්.සී උපාධිය හදාරන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සම්ප්‍රදායානුකුලව සිදු කරනු ලබන නිල දේශනය බ්‍රහස්පතින්දා (07) දින උදෑසන එම විද්‍යාලයේ දී පැවැත්විණි.


අතිගරු ජනාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණුව ලැබු නව සමෘද්ධි නිලධාරීන් අමතයි

2017-12-06

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අඟහරුවාදා (05) දිනසන්ධ්‍යාවරුවේ දී දැනට යුද්ධ හමුදාව විසින් නව සමෘද්ධි නිලධාරි තනතුරු ලාභි 1904 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු පාඨමාලාවක්’ පවත්වාගෙන යනු ලබන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ(ITC) අහඹු සංචාරයක නිරත විය.


ඉස්ලාමීය ඉරාන ජනරජයේ තානාපති යුද්ධ හමුදාධිපති හමුවේ

2017-12-05

කොළඹ පිහිටි ඉස්ලාමීය ඉරාන ජනරජ තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා අඟහරුවාදා (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සුහදව හමුවිය.


යුද්ධ හමුදා බෝධිරාජාරාමයේ බෝධීන් වහන්සේ වටා නව රන් වැටක්

2017-12-04

පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි. යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක....


නව පකිස්තානු මහ කොමසාරිස්වරයා යුද්ධ හමුදාධිපති හමුවේ

2017-11-30

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසා‍රිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද (29) දින සන්ධ්‍යාවේදි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම හමුවිමේදි පකිස්තාන නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා හට සිය සුභ පැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිවරයා දෙරට අතර හමුදාමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කීරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.


කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිමකළ 350 ක් විසිර යති

2017-11-26

කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ.


නව බලාපොරොත්තු රැසක් සමඟින් යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017 නිමාවේ

2017-11-25

යුද බිමේ තුවාල ලබා රණක්ෂිතයට පත් යුද්ධ හමුදා ක්‍රිඩකයින් 450 කට වැඩි පිරිසක් දියගම ක්‍රීඩාංගණයේ දී පැවති යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 දි ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රිඩා දස්කම් මැනවින් ප්‍රදර්ශණය කල අතර, නව බලාපොරොත්තු රැසක් සමගින් තෙදින වාර්ෂික යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල සිකුරාදා (24) දින නිමාවට පත්විය.