පොලිස් මූලස්ථානය යුද්ධ හමුදාධිපති සාදරයෙන් පිළිගනියි
23rd August 2017
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය.
යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර, එහිදී සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති පෙළපාලියේ අණදෙන්නා සමඟ පෙළපාලිය පරීක්ෂා කරන ලදි.
පොලිස්පති නිළ කාර්යාලයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර අන්නෝන්‍ය වශයෙන් වැදගත් කාරණා සහ වර්තමාන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡාවට ලක්විය.
මෙම නිළ සුහද හමුව සනිටුහන් කරනු වස් යුද්ධ හමුදාපති සහ පොලිස්පති අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
|