මුල් පුවත්
පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා සඳුදා (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’බෝයගනේ දී

විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණක්ෂිතයට පත් පැරා ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන විජයබාහු ‘වර්ණ රාත්‍රිය’ සෙනසුරාදා (13) සන්ධ්‍යාවේ දී කුරුණැගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘The Salute’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.
සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාලී දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යයි

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ආරක්ෂක භට පිරිස් දායක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අප්‍රිකානු මහද්වීපයේ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මේ වන විටත් පිටත් කර ඇති අතර, 32 කින් යුත් එහි අවසන් භට කණ්ඩය බදාදා (10) දින සන්ධ්‍යාවරුවේ දී ආශිර්වාද සුභපැතුම් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව යන ලදී.
ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක, සඳුදා (08) දින උදෑසන සිටආරම්භ විය.
සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
මත්තේගොඩ නව සෙසු නිල හෝජනාගාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ

5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජනාගාරය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බදාදා (27) දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාසිංශන !

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියළුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
“මාලී දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා එක්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමයභාවය ජාත්‍යන්තරයට මැනවින් පෙන්නුම්කරන්නක්” - යුද්ධ හමුදාධිපති පවසයි

අද (20) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලැබුණු මෙම අවස්ථාව අප හමුදාව පිළිබඳව ලෝකයේ ඇති පිලිගැනුමත් ලෝක සාමය වෙනුවෙන් සිදු කරන කැපවීමත් මානව පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බව පැවසිය.
‘රට රකින ජාතියට’ යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් තවත් නිළධාරීන් 191 ක්

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී කෙඩෙට් නිළධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිළධාරීන් 191 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ එය සංකේතවත් කරමින් උරහිසෙහි නිළ ලාංඡන පළඳා, පැමිණ සිටි සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේ ඉරිදා (17) දින විචිත්‍රවත් පෙළපාලියකින් විසිර ගියහ.