කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිමකළ 350 ක් විසිර යති
26th November 2017
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ.
මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා ගේ ආරාධනයෙන් ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
සරඹ භූමියේදී කමාන්ඩෝ සම්මාන ආචාර පෙළපාලිය පිළිගත් යුද්ධ හමුදාධිපති තුමන් පෙළපාලි අණදෙන්නා සමඟින් විසිර යන පෙළපාලිය පරික්ෂා කරන ලදි.
ඉන් අනතුරුව පාඨමාලාව සාර්ථකව හදාරා නව කමාන්ඩෝ සාමාජිකයෙකු ලෙස අභිමානයෙන් විසිර යන කමාන්ඩෝ නිළධාරින් හා සෙබළුන්ට කමාන්ඩෝ ලාංඡන පැළඳවීම ඔවුන්ගේ ඥාතීන් අතින් සිදුවිය.
පසුව, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කමාන්ඩෝ පුහුණුව අවසන් කර විසිර යන මෙම නිළධාරින් අභිමානයෙන් පිළිගනිමින් ඔවුන්ගේ හිස මත මෙරූන් පැහැති කමාන්ඩෝ හිස් වැසුම් පැලඳවීම සිදුකරන ලදි.
කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමීමද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතින් සිදුවිය. මෙහිදී දක්ෂතම කමාන්ඩෝ සාමාජිකයා ලෙස ලුතිතන් එල්එස් අබේරත්නද, හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ එල්එස් ලක්මාල්ද, හොඳම ජවසම්පන්න කමාන්ඩෝ සාමාජිකයා ලෙස ලුතිතන් එල්එස් අබේරත්නද ඔවුන්ට හිමි සම්මාන ලබාගන්නා ලදි.
විසිර යාමේ උත්සවය අවසානයේදි මෙම නව කමාන්ඩෝ සාමාජිකයින් ඔවුන්ගේ කමාන්ඩෝ යුධ පුහුණු හැකියාවන් ප්‍රදර්ශණය කරමින් විශේෂ සජිවි සංදර්ශණයක්ද පැවැත්වූ අතර, ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, හමුදා කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මෙහිදී මනාව පිළිඹිබු විය.
ඊට අමතරව පැරෂුට් පතිතවීම්, ටයිකොන්ඩෝ සටන්, යුද සුනඛ සංදර්ශණ සහ දුර සිට ඉලක්කයට වෙඩිතබන ස්නයිපර් වෙඩික්කරුවන් ඇතුළු සංදර්ශණ අංග කිහිපයක්ද ඇතුලත් විය.
කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, ප්‍රධාන උපදේශක මේජර් ආර්එම්ආර්එච් රත්නායක ඇතුළු නිලධාරින් හා සෙසුනිළයින් රැසක්ද 4000 කට ආසන්න අභිනවයෙන් විසිර යන කමාන්ඩෝ නිලධාරින් සහ සෙබළුන්ගේ ඥාතින් සහ හිත මිතුරන්ද මෙම සුවිශේෂි අවස්ථාවට සහභාගි විය.
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.
|