මුල් පුවත්
‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි

පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (8) දින උදෑසන එම ප්‍රදේශයන් නිරීක්‍ෂණ කරන ලදී.
ජාතිය ගොඩනැඟිමේ යුද්ධ හමුදා භට පිරිස් හිඟුරක්ගොඩ ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කටයුතු අරඹයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 100 අධික යුද්ධ හමුදා භට පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී.
දිගු දුර මෙහෙයුම් පුහුණුව ලැබූ විශේෂ බලකා නිලධාරින් සහ සෙබළුන් 36 ක් විසිර යති

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ (SFTS) මාස 06 ක් පුරා පවත්වන ලද දිගු දුර මෙහෙයුම් (LRP) පාඨමාලා අංක 19 සාර්ථකව නිම කරන ලද විශේෂ බලකායට අයත් නිලධාරින් 02 ක් සහ සෙසු නිලයන් 34 ක් වෙත එම පාඨමාලාවට හිමි ලාංඡන පැළඳවීමේ වර්ණවත් උත්සවය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී සෙනසුරාදා....
යුද්ධ හමුදාධිපති ‘ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ යන මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය සංගමය අමතයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) සහ ශ්‍රී ලංකා වෘත්තීය සමිතිය (OPA) එක්ව සංවිධානය කළ ‘සාමූහික එකමුතුකම : ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ පිළිබඳ සම්මන්ත්‍රණය සිකුරාදා (23) දින පස්වරුවේ පැවැත් වූ අතර, මේ සඳහා සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ වෘත්තීකයින් ද සහභාගි විය.
නව වාර්තා සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා උළෙල නිමාවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය -2018’ නව තරඟ වාර්තා පිහිටුවමින් අභිමානවත් අයුරින් නව බලාපොරොත්තු දල්වමින් අද (22) සන්ධ්‍යාවේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවිය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවිධානය කල මෙම වර්ණවත් ක්‍රීඩා උළලේ, සමාප්ති උත්සවයේ.....
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වාර්ෂික මලල ක්‍රීඩා උළෙල ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල අඟහරුවාදා (20) උදෑසන හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර ස්වේච්ඡා බලසේනාවේ සියලුම බලඇණිවල සහයෝගය ඇතිව මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධානය කරනු ලැබීය.
CISM මාර්ග ධාවනය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් එක්වේ

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018, ඉරිදා (18) දින කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු සැරයන් මේජර් නිලයේ කාර්යභාරය පහදයි

නායකත්ව හා කණ්ඩයාම් හැඟිම් වර්ධනය කිරීමේ අරමුණින්රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 178 දෙනෙකු වෙනුවෙන් ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාර්ය සහ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ (පෙබරවාරි මස 15 සිට 17 දක්වා) තෙදින වැඩමුළුවක් සාර්ථකව පැවැත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (17) දින කුකුලේඟග ‘ලයා ලේෂර්’ පරිශයේ දී පැවැත්විණි.
සංහිඳියාවට නව අරුතක් එක්කරමින් යාපනයේ තරුණ තරුණියන් 50 ක් විශ්‍රාමික හිමිකම ද සහිතව හමුදාගත පදනම මත යුද්ධ හමුදාවට එක්වෙයි

ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව ඇතිකරලීමේ ක්‍රියාවලියට නව පරිච්ඡේදයක් එක්කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඇතුළුව තරුණ තරුණියන් 50 ක් හමුදාගත පදනම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදාමය නොවන රාජකාරින් සඳහා බ්‍රහස්පතින්දා (15) දින සිට සිය රාජකාරි ඇරඹිය.
ආපදා අවස්ථාවලදී සේවා සැපයූ යුද්ධ හමුදා සාමාජිකයින්ට උපහාර

යුද්ධ හමුදාවේ ඉහළම නිලධාරින් තිදෙනා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟ එක්ව එකම වේදිකාවකදී ගෙවීගිය වසර කිහිපය තුල ඇතිවු ස්වාභාවික ව්‍යවසන සහ ආපදා අවස්ථාවලදී අපරිමිත සහයෝගයක් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු අගයමින් සඳුදා (12) දින සන්ධ්‍යාවේ විශේෂ උත්සවයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.