මුල් පුවත්

Clear

කන්කසන්තුරේ - පේදුරුතුඩුව මාර්ගය මහජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කෙරේ

2018-02-07

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් උතුරු පළාතේ සංහිඳියාව, වාර්ගික සුහදතාවය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් ‍‍ඵෛතිහාසික පියවරක් ලෙස වසර 28 කට පසු යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරෙයි - පේදුරු තුඩුව ඒබී - 21 මාර්ගය අද (6) දින උදෑසන මහජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.


යුද්ධ හමුදා භට පිරිස්හි මුලිකත්වයෙන් හිඟුරක්ගොඩ ‘චන්දන පොකුණ’ වැවේ පිරිසිදු කිරිම් සහ අළුත්වැඩියා කටයුතු අරඹයි

2018-02-01

මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශවාසින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසිදු කිරිම හා අළුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන් සමග 200 කට වැඩි යුද්ධ හමුදා සමාජිකයන් විසින් පසුගිය බදාදා (31) දින ආරම්භ කරන ලදී.


නිරෝගීමත් දැයක් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය බත්තරමුල්ලෙන් ඇරඹේ

2018-02-01

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදා සහ සිවිල් පාපැදි ධාවන ක්‍රිඩකයින් සිය ගණනකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසින් අද (31) උදෑසන ආරම්භ කල අතර, එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.


‘නිරෝගී හමුදාවක්- නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ග්‍රන්ථයේ මූල් පිටපත යුද්ධ හමුදාධිපතිතුමාට පිලිගන්වයි

2018-01-26

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය පිණිස යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල විසින් රචිත ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ග්‍රන්ථයේ මූල් පිටපත යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පසුගියදා (24) දින පිලිගන්වනු ලැබීය.


නව වෘත්තීන්හි නිපුණත්වය ලැබු රණක්ෂිතයට පත් රණවිරුවන්ට සහතික පත්

2018-01-20

විවිධ වෘත්තීන් හී සාර්ථකව පුහුණු පාඨමාලා හදාරා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් සඳහා සුදුසුකම් ලැබු යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් 171 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය කිරීම උත්සවය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


ජූඩෝ ක්‍රීඩකයින්ගේ ජාතික මට්ටමේ දක්ෂතා යුද්ධ හමුදාධිපතිගේ ඇගයුමට

2018-01-19

කොළඹ ටොරින්‍ටන් ක්‍රීඩාංගණයේ පැවැත් වූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙතින් පිරිනමනු ලැබූ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ වෙනුවෙන් අද (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඔවුන්ගේ දක්ෂතාවයන් අගයමින් කෙටි උපහාර උත්සවයක් පවත්වනු ලැබීය.


යුද්ධ හමුදා ගෞරව ආචාර සහ උණුසුම් පිළිගැනීම් මැද නේපාල යුද්ධ හමුදා ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

2018-01-18

ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංචාරයේ පළමු අදියර ලෙස බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

2018-01-18

ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස බ්‍රහස්පතින්දා (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.


පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

2018-01-17

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති කාර්යාලයේ දී හමුවීය.


යුද්ධ හමුදා ගෞරව ආචාර සහ උණුසුම් පිළිගැනීම් මැද පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

2018-01-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මෙරටට සුහද සංචාරයක් සඳහා සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින උදෑසන හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩංගනයේ දී පිරිනමනු ලැබීය.