ඉස්ලාමීය ඉරාන ජනරජයේ තානාපති යුද්ධ හමුදාධිපති හමුවේ
5th December 2017
කොළඹ පිහිටි ඉස්ලාමීය ඉරාන ජනරජතානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා අඟහරුවාදා (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සුහදව හමුවිය.
දෙරට අතර දිගු කාලීන සම්බන්ධතාවයන් හා එම සබැඳියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමෙහිලා මෙම සාකච්ඡාවේදී කතිකාවට ලක්වූ අතර, ඉරාන තානාපතිතුමන් ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුදාධිපති ලෙස නව ධූරයේ වැඩ භාරගැනීම සම්බන්ධයෙන් උණුසුම් සුභ පැතුම්ද මෙම සුහද හමුවේදි එක් කරන ලදි.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා මුලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්රි යන්ත ජයසුන්දර සහ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් මන්සුර් චාමන් පීරා ද සහභාගි විය.
සුහද හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවු අතර, නික්ම යාමට ප්රතථම ඉරාන තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාල සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.
|