මුල් පුවත්
ශ්‍රී ලංකා සංඥා බලකාය සයිබර් තර්ජනයන්ට එරෙහිව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණට - යුද්ධ හමුදාධිපති පවසයි

බහුමාන්‍ය දර්ශනයක් වන දියුණු තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සහ සයිබර් අවකාශය පිළිබඳ වෘත්තීමයභාවය ලෝකයට පෙන්නුම් කරමින් යුද්ධ හමුදා සංඥා බලකාය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදි ‘සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත ‘තරංගයක්’ ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින් අති උත්කර්ෂවත් අයුරින් 75 වන සංවත්සරය සැමරීමට නියමිතය.
බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්‍ෂා කරයි.

බංගලාදේශ මහජන ජනරජයේ බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනිම සඳහා බංගලාදේශ හමුදා නිලධාරින් 05 කුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
බිංගිරිය ප්‍රදේශයේ පවත්වනු ලබන ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වයෙන් සිදුකරනු ලබන ව්‍යාපෘතින් යුද්ධ හමුදාධිපතිතුමාගේ නිරික්‍ෂණයට

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් හා එළැඹෙන වෙසක් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව ජාතික වෙසක් දින සැමරුම - 2018 මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්විමට නියමිත අතර එම වැඩපිලිවෙලට සමගාමිව දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ ධර්ම ශාලාවක් හා පරිපාලන ගොඩනැගිල්ලක් ඉංජිනේරු, යාන්ත්‍රික, විද්‍යුත් සහ ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ මනා දැනුමක් හා අත්දැකිම්වලින් ද පරිපුර්ණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් විසින් නවීන තාක්‍ෂණය යොදාගනිමින් හා අඩු පිරිවැයක් වැය දරමින් ඉදිකිරිමට නියමිතව ඇත.
‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව 22 වන සේනාංකය විසින් ත්‍රිකුණාමලය පාසල් සිසුන් වෙත පැළ 6000 ක් බෙදාදෙයි

රජයේ ‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය යටතේ 22 වන සේනාංක මූලස්ථානය විසින් ‘රණවිරු සවියෙන් හරිත රටක්’ තේමාව යටතේ ඉරිදා (25) දින පාරිසරික හා ආර්ථික වටිනාකමකින් යුත් කජු, කොස්, කුඹුක්, කොහොඹ, සියඹලා, මහෝගනි සහ මාදම් වැනි පැළ 6000 කට වැඩි ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලැබිය.
බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (24) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භුමි සටන් වල සටන්කාමිත්වය ඉතා ඉහලින් ප්‍රදර්ශණය කරමින් කීර්තියට පත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මහත් හරසරින් එතුමන් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය - 2018 සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ දී අද (23) දින ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) සභාපති, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන.....
ගජබා රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන ‘වර්ණ රාත්‍රිය’ අඟහරුවාදා (20) සන්ධ්‍යාවේ දී කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017’

යුද්ධ හමුදා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුල නව පිටුවක් සනිටුහන් කරමින් කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ආරම්භ කරනු ලැබූ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමිව ප්‍රථම වතාවට ප්‍රධානය කරන හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017 බදාදා (14) දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය දෙවැනි නිවහන වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් සමුගනි

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධුරයෙන් සමුගැනිමේ උත්සවය බදාදා (13) දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් නුවර ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළුවලට සවන්දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත වූ අතර දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ අවධානය යොමු කෙරිණි.