2018-06-26 16:23:49
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 63 සාර්ථකව හැදෑරු නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 156 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය පසුගියදා පැවති අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහභාගි වුහ.
2018-06-26 15:23:49
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, ඔරියන්ට් ලංකා ඇකඩමි ආයතනය සමඟ සම්බන්ධිකරණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සෙබලුන් වෙනුවෙන් තවත් පරිගණක පුහුණු පාඨමාලාවක් ජූනි මස 01 වන දින සිට 25 වන දින දක්වා 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වන ලද අතර එම පාඨමාලාව සාර්ථකව අවසන් කල භට පිරිස් සඳහා සහතික පත් ප්‍රදානෝත්සවයක් ද පවත්වන ලදී.
2018-06-26 13:37:08
දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථාන අතරින් පැරණිතම ආරක්ෂක සේනා මුලස්ථානය වන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය වෙනුවෙන් සෙනසුරාදා (23) වන දින යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපත උදෙසා ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.
2018-06-25 15:52:07
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ගාල්ල ප්‍රදේශයේ ස්ථානගත 58 වන සේනාංකයේ භට පිරිස් දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ සහයෝගය ඇතිව සිවිල් වැසියන් ද සමඟ එක්ව සෙනසුරාදා (23) දින ගාල්ල ගංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේ දී 58 වන සේනාංකයේ භට පිරිස් ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ වෙරළ තීරයආවරණය කරමින් පිරිසිදු කරනු ලැබීය. ගිංතොට වෙරළ තීරයේ අපවිත්රාතාවය පිළිබඳ.....
2018-06-25 14:35:47
ජාත්‍යන්තර ඕලිම්පික් දිනයට සමගාමීව ජූනි මස (23) දින ශ්‍රී ලංකා ඕලිම්පික් සංගමය විසින් නුවරදී සංවිධානය කරනු ලැබු ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 179 ක් සහභාගි විය. සංවිධායක කමිටුව විසින් යුද්ධ හමුදාධිපති තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් මේ සඳහා සහභාගි වූ අතර මෙම ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ බෝගම්බර ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී.....
2018-06-25 13:17:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ භට පිරිස් හා ‘මනුසත් දෙරණ’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකරණයෙන් හා සංවිධායකත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ එක්දින වෛද්‍ය සායනයක් සෙනසුරාදා (23) දින වැලිඔය ඇහැටුගස්වැව මහා විද්‍යාල.....
2018-06-25 13:00:10
ලොව බහුලව දක්නට ලැබෙන බොහෝ රෝගවලට තුඩුදෙන ස්ථුලතාවය පාදක කරගනීමින් ‘Eat Wise - Drop a Size’ යන තේමාව යටතේ ඉරිදා (24) දින බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වාර්ෂික පාගමන ‘Health Run & Walk’ සඳහා ......
2018-06-25 12:47:10
සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු ඇලුමිනියම් වැඩ, ගෘහස්ථ විදුලි රැහැන් ඇඳීම සහ විද්‍යුත් හා විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 83 ක් ඇතුළු සිවිල් සිසුන් දෙදෙනෙකු වෙත ද සහතිපත් ප්රදානය සිකුරාදා (22) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරනු ලැබීය.
2018-06-25 11:51:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන 10 වන ආරක්ෂක සේවා මේස පන්දු තරඟාවලිය ජූනි මස 20 සිට 22 දින දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වනු ලැබීය. තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමිවූ අතර, තවද යුද්ධ හමුදා මේස පන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා සහ පිරිමි අංශයන්ගෙන් රන් පදක්කම් 2 ක් හිමි කරගැනීමට ද සමත්විය.
2018-06-24 22:29:55
2018 ජාතික අන්තර් වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් මේවරත් සමත් විය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සහභාගි වූ මෙම තරඟාවලිය ජූනි මස 21 දින සිට 23 දින දක්වා සුගතදාස ගෘහස්ථ පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විණි.