25th June 2018 15:52:07 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ගාල්ල ප්‍රදේශයේ ස්ථානගත 58 වන සේනාංකයේ භට පිරිස් දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ සහයෝගය ඇතිව සිවිල් වැසියන් ද සමඟ එක්ව සෙනසුරාදා (23) දින ගාල්ල ගංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහනේ දී 58 වන සේනාංකයේ භට පිරිස් ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ වෙරළ තීරය ආවරණය කරමින් පිරිසිදු කරනු ලැබීය.
ගිංතොට වෙරළ තීරයේ අපවිත්‍රාතාවය පිළිබඳ අවධානයක් යොමුකරමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.
මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 58 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 50 දෙනෙකු ඇතුළු දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ නිලධාරින් මෙන්ම ලේකම්තුමන් ද ප්‍රදේශයේ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.
වෙරළ තීරයේ කසළ එකතු කිරීම සඳහා දකුණු පළාත් පරිසර අමාත්‍යංශය විසින් බැකෝලෝඩර් යන්ත්‍රායක් ද සපයන ලදි.
Best Sneakers | Klær Nike