Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2018 13:17:33 Hours

වැලිඔය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා 621 වන බලසේනාව හා ‘මනුසත් දෙරණ’ සංවිධායකත්වයෙන් නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ වෛද්‍ය සායනයක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ භට පිරිස් හා ‘මනුසත් දෙරණ’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකරණයෙන් හා සංවිධායකත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ එක්දින වෛද්‍ය සායනයක් සෙනසුරාදා (23) දින වැලිඔය ඇහැටුගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වෛද්‍ය සායනය සඳහා වැලිඔය ප්‍රදේශයේ සිවිල් වැසියන් 1832 ක් පමණ සහභාගි විය. අක්‍ෂි සායනයක්, නිදන්ගත වකුගඩු රෝගය පෙර අවස්ථාවේදීම හඳුනාගැනීමේ සායනයක්, කාසිනෝමා සින්ඩ්‍රෝමය (Carcinoma Syndrome Screening Clinic) සබැඳි සායනයක් සහ විශේෂ වෛද්‍ය සායනයකින් මෙම වෛද්‍ය සායනය සමන්විත වු අතර මෙම සායනයේදී වෛද්‍ය උපදේශන සේවාවන් හා නොමිලේ අවශ්‍ය ඖෂධ ලබාදෙනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය අතරතුරදී, වැලිඔය ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ සහිත සිවිල් වැසියන් සඳහා ඇස්කන්ණාඩි 550 ක් ද, විදුලිය නොමැති අඩු ආදායම්ලාභි පවුල් සඳහා සුර්ය කෝෂ විදුලි පද්ධති 15 ක් ද බෙදාදුන් අතර ඇහටුගස්වැව මහා විද්‍යාලයේ සිසුන්ගේ පරිභෝජනය සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් ද පරිත්‍යාග කරනු ලැබීය. එමෙන්ම, වැලිඔය ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සිය ඇස් දන්දීම සඳහා ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ ලියාපදිංචිවීමට ද මෙහිදි අවස්ථාව සලසා දෙන ලදී.

මෙම වෛද්‍ය සායනය සඳහා සම්පත් නුවර ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහ සම්පත් නුවර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් 2 ක් හා වෛද්‍ය කාර්යමණ්ඩලයේ 7 දෙනෙකුගේ සහයෝගය මෙන්ම 62 වන සේනාංකයේ 621 වන බලසේනාවේ 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ද ලබාදෙනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය සාර්ථකව පැවැත්වීම සඳහා ‘මනුසත් දෙරණ’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු එම ව්‍යාපෘතියේ සාමාජිකයින් 29 දෙනෙකු ද, ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ ඊ.එම්.එච්.බී මොරගස්වැව මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු ද, CDEM රසායනාගාරයේ ජනක කරුණාරත්න මහතා ඇතුළු එම කාර්යමණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු ද, නයගරා ජල පිරිපහදු ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ තිසර කරුණාරත්න මහතා, ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනයේ ඇන්ජිලෝ මහතා, විජය සමුහ ව්‍යාපාරයේ සහකාර සාමාන්‍යාධිකාරි කිර්ති ලක්‍ෂමන් මහතා මෙන්ම 621 වන බලසේනාවේ භට පිරිස් හි නොමද සහයෝගය හිමිවිය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සන්ජය වනිගසිංහ, 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජීව, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසකගේ දායකත්වය ද මේ සඳහා ලැබුණි.

bridge media | Nike nike dunk high supreme polka dot background , Gov