25th June 2018 13:00:10 Hours
ලොව බහුලව දක්නට ලැබෙන බොහෝ රෝගවලට තුඩුදෙන ස්ථුලතාවය පාදක කරගනීමින් ‘Eat Wise - Drop a Size’ යන තේමාව යටතේ ඉරිදා (24) දින බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වාර්ෂික පාගමන ‘Health Run & Walk’ සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 5 දෙනෙකු ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 150 ක් පමණ සහභාගි විය.
මෙම පාගමන සඳහා සහභාගි වූවන් සඳහා පෙරවරු 6.15 ට පමණ වෛද්‍ය පරීක්‍ෂණයක් පැවති අතර පෙරවරු 6.45 වන තෙක් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම වල යෙදීම ඇරඹුණී. ඉන් අනතුරුව පෙරවරු 7.00 ට පමණ බණ්ඩාරණායක ජාත්‍යයන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ කරන ලද පාගමන, බෞද්ධාලෝක මාවත, මෙයිට්ලන්ඩ් චන්ද්‍රවංකය, තුරඟ තරග පිටිය, පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ නැවතත් බෞද්ධාලෝක මාවත වෙත පිවිස බණ්ඩාරණායක ජාත්‍යයන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය අසලින් අවසන් විය.
මෙයට සමඟාමීව පවත්වන ලද පාගමන පෙරවරු 8.15 ට පමණ නිමා වු අතර එය කිලෝමිටර් 2.8 ක දුර ප්‍රමාණයක් පසුකරමින් විනාඩි 36 ක කාලසීමාවක් පැවැත්විණි. මෙහිදී පාගමනට පෙර සිදුකරන ලද ශරීර උණුසුම අවම කිරීමේ ව්‍යායාම සහ විනෝදාත්මක ක්‍රීඩා වලින් අනතුරුව සහභාගීවුවන්ට ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පැවැත්වු අතර මේ සඳහා ගරු සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද එක්වුහ.
jordan release date | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet