26th June 2018 13:37:08 Hours
දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන අතරින් පැරණිතම ආරක්‍ෂක සේනා මුලස්ථානය වන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය වෙනුවෙන් සෙනසුරාදා (23) වන දින යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපත උදෙසා ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.
මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දිළිඳු රෝගීන් සඳහා සහ සැත්කම් ගණනාවක් සිදු කිරීම නිසා අවශ්‍ය රුධිර ප්‍රමාණය, ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 158 ක් ස්වේච්ඡාවෙන්ම ලබාදුන්හ. මෙම ජංගම ලේ දන්දීමේ කඳවුර සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකතුමා ඇතුලු 8 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහභාගි වූ අතර, සෙබලුන් විශාල පිරිසක් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායක වූහ.
spy offers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD