26th June 2018 15:23:49 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, ඔරියන්ට් ලංකා ඇකඩමි ආයතනය සමඟ සම්බන්ධිකරණයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සෙබලුන් වෙනුවෙන් තවත් පරිගණක පුහුණු පාඨමාලාවක් ජූනි මස 01 වන දින සිට 25 වන දින දක්වා 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වන ලද අතර එම පාඨමාලාව සාර්ථකව අවසන් කල භට පිරිස් සඳහා සහතික පත් ප්‍රදානෝත්සවයක් ද පවත්වන ලදී.
සෙබලුන් 25 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 25 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එස්.එම් සදීශ්වරන් විසින් හිමිකරගත් අතර, 16 වන ඉංජිනේරු සේවා බලකායේ ඉංජිනේරු සෙබල එච්.ඩි.ආර් කුමාර සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබල ඒ.එම්.පි අමරසිංහ විසින් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති පාඨමාලා සමාප්ති උත්සවයේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත හා පුහුණු) ලුතිතන් කර්නල් නිෂාන්ත මුතුමාල විසින් පාඨමාලා ලාභීන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කළහ.
Running Sneakers | Nike